Popular Posts
-
Author: Bashini Mahaarachchi e.mail : bashini199100954@gmail.com රටක ආර්ථික දියුණුව කෙරෙහි ප්‍රධාන වශයෙන් අවස්ථා සහ අභියෝග යන කරුණු දෙ...
-
Author: Bashini Mahaarachchi e.mail : bashini199100954@gmail.com උපකරණ , උපක්‍රම , ක්‍රියාපිළිවෙත් වල භාවිතය තාක්ෂණය ලෙස හැදින්විය හැක.නමුත...
-
Author : Nayomi Rajika E.mail : jf.rajika@gmail.com Editor : Bashini Mahaarachchi තිස් වසක් පුරා පැවති සාප ලත් යුද්ධය නිමා විය . ශ්...
-
Author: Bashini Mahaarachchi e.mail : bashini199100954@gmail.com වර්චුඅල් යුනිවර්සිටි එකක් යනු මූලික වශයෙන් අන්තර්ජාලය ස...
-
Author : Bashini Mahaarachchi E-mail : bashini199100954@gmail.com විවිධ උත්සව වලදී හෝ රැස්වීම් වලදී ඒක මතික තීරණයකට එළැබීම සදහා අනුගමනය ...
-
Author : Nayomi Rajika E.mail : jf.rajika@gmail.com ලොවම බයෙන් ඇලලූ රුදුරු LTTE ත්රස්තවාදයේ ගිනිදැල් නිවාරන්නට තරම් දිරියක් සවියක් තිබූ එ...
-
Author : Nayomi Rajika E.mail : jf.rajika@gmail.com වසර තිස්පන්දහසක් තරම් ඈත අතීතයකට හිමිකම් කියනා ලොවක් දිනන්නට රජුන් තනන්නට උපන් හපන්කම් ප...
Monday, November 29, 2010
Monday, November 8, 2010
අවදි වන්න අවදි වන්න.දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ.
Author : Nayomi Rajika
E.mail : jf.rajika@gmail.com
Editor : Bashini Mahaarachchi
තිස් වසක් පුරා පැවති සාප ලත් යුද්ධය නිමා විය.ශ්රී ලංකා ධරණි තලය මත සාමයේ මල් විකසිත වී සුවඳවත් කරමින් දසත හිනැහෙන වකවානුවකි මෙය.තිස් වසරක් පුරාවට ඇණහිටි සංවර්ධනය සීග්රයක් කරා ගෙන යාමට අන් කවරදාටත් වඩා හොඳ අවස්ථාවක් ලැබී තිබේ.
ජපනුන්ට තම හැකියාවන් පෙන්වීමට හිරෝශිමාව,නාගසාකියට බෝම්බ දමන තුරුම නොහැකි විය.අපේ සංවර්ධනයට අප තිත තැබුවේ මිලේච්ච ත්රස්තවාදයට ශාප කරමිනි.අද ජපනුන් හපන්නුය.ලංකාවේ යුද්ධය අවසානය.එහෙත් ලක් දිව සංවර්දනය????
එසේනම් ජපනුන් වීමට නැතිනම් ජපනුන් අභිබවා යාමට අප කුමක් කළ යුතුද?අඳුරු වූත් ගොරහැඬි වූත් ඒ බියකරු අතීතය අමතක කළ යුතුය.උදා වූ වසන්තයෙන් උපරිම ප්රයෝජන ගත යුතුය.සියළු භේද හැර දමා සැබැවින්ම එකම මවකගේ දරු කැළක් ලෙස නැගී සිටිය යුතුය.තැන තැන කට මැත දොඩවමින් එකිනෙකාගේ වැරදි සොයමින් කියව කියවා ඉඳීම අත හැර දිවා රෑ එක ලෙස මහන්සි වී වැඩ කළ යුතුය.
කතාව අඩු කර ක්රියාවෙ අප විශ්ව කර්මයන් බව පෙන්විය යුතුය.රට වෙනුවෙන් තම දිවි කැප කරන්නටද සූදානම් වූ උතුම් ශ්රී ලාංකිකයන් දස දහස් ගණනක් විසූ මේ ලක් දිව වෙසෙන අප හට රටේ දියුණුව වෙනුවෙන් එක දා බිඳුවක් හෙලන්නට නොහැකිනම් එය ලැජ්ජාවට කරුණකි.සැබෑ ශ්රීලාංකික බවට නිදසුනකි.
රටේ සංවර්ධනය සිදු කළ යුත්තේ නාමිකව නොවේ.නොහොත් කිසිඳු තේරුමක් නැති ආකාරයට නොවේ.ලොව වෙනත් රටවල් හා සාපේක්ශව ඒවා සමඟ කරට කර තරඟ වදින්නට සූදානම් විය යුතුය.අප සංවර්ධිත යැයි අපේ මට්ටමින් නොව ලෝක මට්ටමින් හෙළි විය යුතුය.
රට ගොඩ නැගීමට සවිය වීමට අප සූදානම්ය.ශ්රී ලාංකීය ප්රෞඩත්වය ලොවට හඬ ගා කීමට ඔබත් කැමතිනම් එක් වන්න අප සමඟ අතැර වහසි බස් වලට ඇති ලොල් බව.....
Sunday, November 7, 2010
ආර්ථික දියුණුවට තාක්ෂණයේ බලපෑම
Author: Bashini Mahaarachchi
e.mail : bashini199100954@gmail.com
රටක ආර්ථික දියුණුව කෙරෙහි ප්‍රධාන වශයෙන් අවස්ථා සහ අභියෝග යන කරුණු දෙක වැදගත් වේ.අවස්තාවන්හි සහ අභියෝග වල පැවත්මට ඒවා එකිනෙක උපකාරී වේ.ඒ ආකාරයටම ආර්ථික අර්බුදය ජාතීන් අතර ආර්ථික සහයෝගීතාවය සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට උපකාරී වේ.
එය්ට හේතුව ආර්තික අර්බුද්යට විසඳුම් සෙවීමේදී මෙම සම්බන්දතා වැඩි දියණු වීමයි.මෙම තරඟකාරී බව වැඩි වීමට තාක්ෂණික දියුණුව බලපයි.තාක්ෂණික දියුණුව මිනිසාගේ ලෝක ව්‍යාප්ත දැනුම පුලුල් කර ගැනීමට උපකාරී වේ.
අවස්ථාවන් මඟින් ගෝලීය සම්බන්ධතා වර්ධනය වේ.තාක්ෂණික දියුණුව මේ ආකාරයට රටක ආර්ථික වර්ධනයට උපකාරී වේ.වර්තමානයේ රටක සංවර්ධන මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස රටේ සන්වේදන තාක්ෂණයේ දියුණුව ඇතුලත් වන්නේ ඒ නිසායි.
Subscribe to:
Posts (Atom)