Popular Posts

Monday, November 8, 2010

අවදි වන්න අවදි වන්න.දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ.

Author : Nayomi Rajika
E.mail : jf.rajika@gmail.com
Editor : Bashini Mahaarachchi

තිස් වසක් පුරා පැවති සාප ලත් යුද්ධය නිමා විය.ශ්රී ලංකා ධරණි තලය මත සාමයේ මල් විකසිත වී සුවඳවත් කරමින් දසත හිනැහෙන වකවානුවකි මෙය.තිස් වසරක් පුරාවට ඇණහිටි සංවර්ධනය සීග්රයක් කරා ගෙන යාමට අන් කවරදාටත් වඩා හොඳ අවස්ථාවක් ලැබී තිබේ.
ජපනුන්ට තම හැකියාවන් පෙන්වීමට හිරෝශිමාව,නාගසාකියට බෝම්බ දමන තුරුම නොහැකි විය.අපේ සංවර්ධනයට අප තිත තැබුවේ මිලේච්ච ත්රස්තවාදයට ශාප කරමිනි.අද ජපනුන් හපන්නුය.ලංකාවේ යුද්ධය අවසානය.එහෙත් ලක් දිව සංවර්දනය????
එසේනම් ජපනුන් වීමට නැතිනම් ජපනුන් අභිබවා යාමට අප කුමක් කළ යුතුද?අඳුරු වූත් ගොරහැඬි වූත් බියකරු අතීතය අමතක කළ යුතුය.උදා වූ වසන්තයෙන් උපරිම ප්රයෝජන ගත යුතුය.සියළු භේද හැර දමා සැබැවින්ම එකම මවකගේ දරු කැළක් ලෙස නැගී සිටිය යුතුය.තැන තැන කට මැත දොඩවමින් එකිනෙකාගේ වැරදි සොයමින් කියව කියවා ඉඳීම අත හැර දිවා රෑ එක ලෙස මහන්සි වී වැඩ කළ යුතුය.
කතාව අඩු කර ක්රියාවෙ අප විශ්ව කර්මයන් බව පෙන්විය යුතුය.රට වෙනුවෙන් තම දිවි කැප කරන්නටද සූදානම් වූ උතුම් ශ්රී ලාංකිකයන් දස දහස් ගණනක් විසූ මේ ලක් දිව වෙසෙන අප හට රටේ දියුණුව වෙනුවෙන් එක දා බිඳුවක් හෙලන්නට නොහැකිනම් එය ලැජ්ජාවට කරුණකි.සැබෑ ශ්රීලාංකික බවට නිදසුනකි.
රටේ සංවර්ධනය සිදු කළ යුත්තේ නාමිකව නොවේ.නොහොත් කිසිඳු තේරුමක් නැති ආකාරයට නොවේ.ලොව වෙනත් රටවල් හා සාපේක්ශව ඒවා සමඟ කරට කර තරඟ වදින්නට සූදානම් විය යුතුය.අප සංවර්ධිත යැයි අපේ මට්ටමින් නොව ලෝක මට්ටමින් හෙළි විය යුතුය.
රට ගොඩ නැගීමට සවිය වීමට අප සූදානම්ය.ශ්රී ලාංකීය ප්රෞඩත්වය ලොවට හඬ ගා කීමට ඔබත් කැමතිනම් එක් වන්න අප සමඟ අතැර වහසි බස් වලට ඇති ලොල් බව.....


Sunday, November 7, 2010

ආර්ථික දියුණුවට තාක්ෂණයේ බලපෑම


Author: Bashini Mahaarachchi
e.mail : bashini199100954@gmail.com





රටක ආර්ථික දියුණුව කෙරෙහි ප්‍රධාන වශයෙන් අවස්ථා සහ අභියෝග යන කරුණු දෙක වැදගත් වේ.අවස්තාවන්හි සහ අභියෝග වල පැවත්මට ඒවා එකිනෙක උපකාරී වේ.ඒ ආකාරයටම ආර්ථික අර්බුදය ජාතීන් අතර ආර්ථික සහයෝගීතාවය සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට උපකාරී වේ.
එය්ට හේතුව ආර්තික අර්බුද්යට විසඳුම් සෙවීමේදී මෙම සම්බන්දතා වැඩි දියණු වීමයි.මෙම තරඟකාරී බව වැඩි වීමට තාක්ෂණික දියුණුව බලපයි.තාක්ෂණික දියුණුව මිනිසාගේ ලෝක ව්‍යාප්ත දැනුම පුලුල් කර ගැනීමට උපකාරී වේ.
අවස්ථාවන් මඟින් ගෝලීය සම්බන්ධතා වර්ධනය වේ.තාක්ෂණික දියුණුව මේ ආකාරයට රටක ආර්ථික වර්ධනයට උපකාරී වේ.වර්තමානයේ රටක සංවර්ධන මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස රටේ සන්වේදන තාක්ෂණයේ දියුණුව ඇතුලත් වන්නේ ඒ නිසායි.



Friday, October 29, 2010

ගොඩ නඟන්නට රටේ දියුණුව දෙන්න දිරි සවි JAVA කැළ වෙත.


Author : Nayomi Rajika
ලොවම බයෙන් ඇලලූ රුදුරු LTTE ත්‍රස්තවාදයේ ගිනිදැල් නිවාරන්නට තරම් දිරියක් සවියක් තිබූ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන්ය.ත්‍රස්තවාදය සමඟ උරෙනුර ගැටී සටන් කිරීමට තරම් ඉහළ චිත්ත දෛර්ය‍යක් තිබූ දේශය මේ ශ්‍රී ලාංකික දේශයයි.
තුන් වේල බතින් කුස පුරවා ගත් අල බතල කන ජාතියක උපන්,කැත්තේ උදැල්ලේ වැඩට සමත් වූ අපේම ගම් වල දූ පුතුන්ගේ සිත් තුල උපන්, රට රැකගැනීම සඳහා ඇතිවූ ඇල්ම නිසාවෙන් කිසිදා නුපුරුදු ගිනි අවිය අත දරා වැදූ මවට වඩා ලක් මවට බැඳි සෙනෙහසේ ආනුභාවයෙන් සිදු කළ සටන කෙලවර දහස් ගනනකට දිවි අහිමි වුවද,දහස් ගණනින් ආබාධිත වුවද තවදුරටත් ලක්ෂ සංඛ්‍යාත ජනකායකට නිදහසේ වෙසෙන්නට ඉඩහසර උදා වුනි.එසේනම් තාරුණ්‍යට සිදු කළ නොහැක්කේ කුමක්ද?නිවැරදි නායකත්වයක් හමුවේ දිවි පරදුවට තැබීමට තරම් උසස් මනසක් සහිත වූ දූ පුතුන් වෙසෙන රටක දිනූ දේශය ජැකගන්නට ඒ පුතුන් මෙහෙය විය නොහැකිද?
නිවැරදි නායකත්වය හරහා "දියව්" යන සටන් පාඨය අතහැර රට වෙනුවෙන් වැඩ කිරීමට ඔවුන් පෙළඹවිය නොහැකිද?
එය ඉතා හොඳින් සහ ඉහළින් සිදු කළ හැක.
ලොවම භිරාන්විත කරවූ ත්‍රස්තවාදය පැරද වූ දූපුතුන්ට රට සංවර්ධනය කල නොහැකිද?එය කල හැකිය.එදා එසේ අවි ආයුධ ගැන දනුම ලබාදුන්නා සේ ඒ වෙනුවට අද අවැසි වන්නේ ලොව පවතින නව තාක්ෂණය පිළිබඳ දැනුම පමණි.එය සොයා අපට ලොව පුරා සංචාරය කළ නොහැක.කල හැක්කේ එම තාක්ෂණය අප දෙපා අසළට ගෙන්වා ගැනීම්යි.ඒ සඳහා අන්තර්ජාලය භාවිතා කල හැක.ඒ හරහා අපේ සිතුවිලි ,අපේ අදහස් තාක්ෂණය සමඟ මුසුකළ හැක.
නැවතත් ලොව උත්තරීතර රාජ්‍යයක් බාට ලක් මෑණියන් පත් කිරීමට වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය නොවේ.අවශ්‍ය වන්නෑඉ අදාළ තාක්ෂණය නිසි පරිදී ලබා දීමයි.
රට ගොඩ නැගීමට තාරුණ්‍ය සූදානම්ය.එයට දිරිදීමට ඔබ සූදානම්ද?
සියලු බාධක දුරැර එන්න අප හා එක් වන්න.
නොවැම්බර් 19,20,21 යන දිනයන්හිදී SLECC හිදී JAVA Sri Lanka සමඟින්..............


වැව් බැඳි රාජ්ජයෙන් වෙබ් බැඳි රාජ්ජයට

Author : Nayomi Rajika
වසර තිස්පන්දහසක් තරම් ඈත අතීතයකට හිමිකම් කියනා ලොවක් දිනන්නට රජුන් තනන්නට උපන් හපන්කම් පෑ දැක්වූ ජාතියකි.ශ්‍රී ලාංකිකයන්  ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පයට අනුව යමින් සංස්කෘතිය,සාහිත්‍ය අනුව කටයුතු කරමින් ගම් රටවල් දියුණු කළ පෞඩ ජාතියකි අප.
පෙරදිග ධාන්‍යාගාරය යැයි නම් දරමින් ලොවටම බත සැපයූ අප රට නොසැලුණු,නොබිඳුනු ජාතියක් ලෙස ලොවම මවිත කරමින් විශ්මිත වූ නිර්මාණ ඉදිරිපත් කරන ලද්දා වූ ශ්‍රී ලාංකික කලාකාමී හදවත් වලට අද සිදුවී ඇත්තේ කුමක්ද?
නව තාක්ෂණයේ සංයෝජනයත් සමඟ විශ්මිත නිර්මාණ යලිත් සිදු කළ නොහැකිද?නැවතත් ලංකාවේ වූ සියලු කෙත්වතු අස්වද්දන්නට කිසිඳු දේශයකට අත නොපා ශ්‍රී ලාංකිකයන් ලෙසම අභිමානවත්ව නැගී සිටින්නට අපට නොහැකිද?
නැත එය සිහිනයක් නොව සැබෑවක් කළ හැක.කෙසේ හෝ සැබෑවක් කර ගත යුතුය.එසේ කරන්නට ලොව පවතින ඉහලම තාක්ෂණික දැනුම සමඟ අප මුසු විය යුතුය.ලොව සිදු වන සියලු දේ පිළිබඳ තතු එසැනින් සත්‍ය ලෙසම වර්තාකරණය විය යුතුය. අපේ දේ රැකගෙන දේශීය උරුමය දේශීය හැකියාවන් ලොව ඉදිරියේ හඬ නගා කිව හැකි තාක්ෂණ්යක් සමඟ අත්වැල් බැඳ ගත යුතුය. ශ්‍රීලාංකික පුරවැසියන් දැනුමින් සන්නද්ද විය යුතුය.
සියලු දේ ජය ගැනීමටනම් වැව් බැඳි රාජ්‍යය වෙබ් බැඳි රාජ්‍යයක් විය යුතුය.
වෙබ් බැඳි රාජ්‍යය තුලදී ලොව නන් දෙසින් හමුවන විවිධාකාර වූ සුපිරි තාක්ෂණයන් සියැසින් අත් විඳිය යුතුය.එයින් පාඩම් ඉගෙන අපේ දේ ඉදිරියට රැගෙන යා යුතුය.
එසේනම් මෙය වෙනස් වීමට කාලයි. නිදහසින් පසු ගෙවූ හැට දෙවසර තුලින් උගත් පාඩම් ඇසුරින් රට ගොඩනැගීමට තබන්නට යන මේ මුල් පියවර සමඟ අප සියලු දෙනා එක් වෙමු.ගොඩනගමු අපේකම එඩිතරව වෙබ් බැඳි රාජ්‍යය හරහා ඉදිරියටම.

Monday, October 25, 2010

තාක්ෂණය (Technology)

Author: Bashini Mahaarachchi
e.mail : bashini199100954@gmail.com

උපකරණ, උපක්‍රම, ක්‍රියාපිළිවෙත් වල භාවිතය තාක්ෂණය ලෙස හැදින්විය හැක.නමුත් එහි අදහස භාවිතයේදී වෙනස් විය හැක.එය භෞතිකමය නිර්මාණයන්ගේ භාවිතය ලෙසද හැදින් විය හැක.තාක්ෂණය මිනිසාගේ මෙන්ම අනිකුත් ජීවී විෂේශයන්ගේ ජීවිත වලටද විශාල බලපෑමක් අති කරයි.ඔවුන් ජීවත් වෙන පරිසරය වෙනස් කිරීමටද එය උපකාරී වේ.
තාක්ශණය මිනිසාගේ ජීවිතයට එකතු වෙන්නේ ඔහු අනිකුත් ස්වාභාවික වස්තූන් සමඟ සම්භන්ධතා ආරම්භ කිරීමත් සමඟයි.
ප්‍රාග් ඒතිහාසික සොයාගැනීම් වලට අනුව ගින්දර සොයා ගැනීමත් සමඟ මිනිසාගේ ආහාර රටාව සන්කීර්ණ විය.රෝදය සොයාගැනීමත් සමඟ ප්‍රවාහන රටා වෙනස් වූ අතර සන්කීර්ණ විය.
නූතන තාක්ෂණයේ දියුණුව ලෙස සන්නිවේදණයේ දියුණුව පෙන්වා දිය හැක.එයට අන්තර්ජාලය,දුරකථන,මුද්‍රණ කටයුතු ආදිය එකතු වේ.තාක්ෂණික දියුණුව මිනිසගේ දෛනික කටයුතු පහසු කරනවා මෙන්ම සන්කීර්ණද කරයි.තාක්ෂණය මිනිසාගේ ලෝක ව්‍යාප්ත සම්භන්ධතා දියුණු කිරීමට උපකාරී වේ.
නමුත් තාක්ෂණය යොදාගන්නේ සාමකාමී කටයුතු වලට පමනක් නොව අවි ආයුද න්‍යශ්ඨික ක්‍රියාකාරකම් වල වර්ධනයටද තාක්ශණයේ දියුණුව උපකාරී වේ.තාක්ෂණය සමඟ සමාජීය දියුණුව සලකන විට එය රටේ ආර්ථික දියුණුව සඳහාද විශාල පිටුවහලක් වේ.
නමුත් තාක්ෂණය යොදාගන්නේ සාමකාමී කටයුතු වලට පමනක් නොව අවි ආයුද න්‍යශ්ඨික ක්‍රියාකාරකම් වල වර්ධනයටද තාක්ශණයේ දියුණුව උපකාරී වේ.තාක්ෂණය සමඟ සමාජීය දියුණුව සලකන විට එය රටේ ආර්ථික දියුණුව සඳහාද විශාල පිටුවහලක් වේ.
විව්ධ තාක්ෂණික නිපදවී සමඟම අනවශ්‍ය අපද්‍යවය එකතුවීම නිසා පරිසර දූෂණයක් සහ ස්වාභාවික සම්පත් පරිහානියට පත්වීමක්ද සිදු වේ.තවද තාක්ෂණික දියුණුව සදාචාරාත්මක ගැටලු වලටද හේතුව වී ඈත.
නිශ්පාදන කටයුතු කර්යක්ශම කරගැනීම සඳහා තාක්ෂණික දියුණුව භාවිතයත් සමඟ මිනිස් ශ්‍රමය භාවිතය අඩු වීම නිසා සාම්ප්‍රදායික පිළිවෙත් වෙනස් වීමක්ද සිදු වී ඇත.
මෑතකදී සිදු කරන ලද විද්‍යාත්මක සොයා ගැනීම් අනුව ඩොල්ෆින් වැනි සත්වයන්ද ඔවුන්ගේ දැනුම බෙදා ගැනීම සඳහා ඉතා සරළ තාක්ෂණික උපක්‍රම භාවිතා කරයි.

පරිවර්තනයකි.

Wednesday, October 20, 2010

තෙමටික් සෙශන්ස් (THEMATIC SESSIONS)

Author : Bashini Mahaarachchi

විවිධ උත්සව වලදී හෝ ‍රැස්වීම් වලදී ඒක මතික තීරණයකට එළැබීම සදහා අනුගමනය කරන ඉතා කුඩා වූ නිශ්චිත වූ ක්‍රියාදාමයක් ලෙස thematic sessions හැදින්විය හැක.ජාතික හෝ ජාත්තන්තර මට්ටමේ සිට ඉතා කුඩා ‍රැස්වීම් වලදී පවා යම්කිසි තීරණයක් ගැනීමේදී හෝ තේමාවක් නීර්ණය කිරීමේදී බහුතරයකගේ එකගතවය මත එම තීරණය ගැනීමට thematic sessions උපකාරී වේ.එහි අරමුණ වන්නේ නව තීරණයක් ගැනීමේදී එය වඩාත් උචිත සහ සාධාරණ මට්ටමින් සිදුකිරීමයි.එහිදී යම් කිසි තේමාවකට අදාළව එක් එක් පුද්ගලයාගේ කැමත්ත,අකමැත්ත හෝ අදහස් ඉදිරිපත් කල හැක.

යම් කිසි අදහසක් ඉදිරිපත් කරන තැනත්තා එම අවස්ථාවේදි මුළසුන ධරයි.එම ක්‍රියාදාමය විනාඩි 1ත් 30ත් ඇතුලත කාලයක් තුලදී අවසාන කළ හැක.එය අදහස් ඉදිරිපත් කරන්නන් සහ එම සංඛාව  මත තීරණය වේ.අදහස ඉදිරිපත් කරන තැනැත්තා පළමුව තමාගේ අදහස කුමක්දැයි අනිකුත් අයට පැහැදිලි කර දෙයි.අනිකුත් අයට ඒ පිළිබද ඔහුගෙන් අදහස් විමසීමක් සිදු කළ හැක.එකම තේමාවක් පිළිබදව විවිධ වාරයන් සංඛාවක් මෙම කතිකාවත් සිදු කළ හැක.

උදාහරණයක් ලෙස යම්කිසි ගැටලුවකට ගත හැකි විසදුම් තුනක් පමණ ඇත්නම් වඩාත් සුදුසු විසදුම කුමක්දැයි තීරණය කිරීමට,අදාළ විසදුම් තුනට එක් එක් කෙනාගේ කැමත්ත අනුව 1,2,3 ආදී පිළිවලට ඒවා නම් කර කොල කැබැල්ලක ලියා එකතු කර අවසානයේ ඒවාට නියමිත ආකාරයෙන් ළකුණු ලබාදී වඩාත් සුදුසු සහ උචිත විසදුම කුමක්දැයි නිගමනයක එළබේ.වර්ථමාන යුගයේ තීරණ ගැනීම සදහා භාවිතා කරන ඉතා කර්යක්ශම සහ බුද්ධිඝෝචර ක්‍රියාදාමයක් ලෙස thematic sessions හැන්දින්විය හැක.

Friday, October 15, 2010

වර්චුඅල් යුනිවර්සිටි (Virtual Universities)





Author: Bashini Mahaarachchi
e.mail : bashini199100954@gmail.com


වර්චුඅල් යුනිවර්සිටි එකක් යනු මූලික වශයෙන් අන්තර්ජාලය සහ අනිකුත් තාක්ශනික උපකරණ භාවිත කර විශ්ව විද්යාල විසින් සිදු කරන ඉගනුම් ක්‍රියාවලියක්.
ලෝකයේ අතම් විශ්ව විද්යාල විසින් ඔන්ලයින් පාඨමාලාවන් පෑවත්වීම මෙනමින් හදුන්වයි.ඈතම් අවස්තාවල මෙය විශ්ව විද්යාල, ආයතන හෝ දෙපාර්තමේන්තු කීපයක එකතුවක් වීමට පුලුවන්.
මෙය වර්චුඅල් ලෙස හදුන්වන්නේ  සදහා නිශ්චිත ස්ථානයක් නොමති වීමයි. ඒවා පෙනෙන්නට ඈත්තේ අන්තර්ජාලයේ පමනයි.
ඒවා පවාත්වාගෙන යනු ලබන්නේ එම විශ්ව විද්යාල වලට සම්බන්ධ ගුරුවරුන් විසින්.
මෙවායේ ප්රධාන අරමුණ වන්නේ විවිද හේතූන් මත විශ්ව විද්යාල අධයාපනය ලෑබීමට අවස්තාව නොලෑබෙන පිරිස් හට එම අවස්තාව උදා වීමයි.එමගින් රටක සන්වර්ධනයට වන්නේ විශාල පිටුවහලක්.
මෙම ඉගනුම් ක්රියාවලිය තවමත් විවිඩ උපාන්ග එකතු වීමත් සමග  දියුණු වෙමින් පවතියි.
තමන් නොදන්න දෙයක් හෑකි අවස්තාවක අවශය ගුරු වරයෙකුගෙන් අසා දැනගැනීම හෝ පොත් පත් වලින්ඉගෙන ගෑනීමට හෑකි වීම විශාල වාසියක්.
වර්තමානයේ මෙම විශ්ව විද්යල මගින් උපාඪින් පවා ලබා ගෑනීමේ හෑකියාව තිබේ.